Sunday, April 28, 2024

General line - 0115112241

යාපනයේ පාසැල් දැරියකගේ නිල ඇඳුමක් යට ඇඳුමක් සහ පාවහන් යුගළක් සොයා ගැනේ - දැරියට කුමක් වූයේදැයි පරීක්ෂණ ඇරඹේ

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය,වීරසිංහම් ශාලාව ඉදිරිපස තිබි පාසල් දැරිය‍කගේ නිල ඇඳුමක්, යට ඇඳුමක්, කොණ්ඩ පටි හා පාවහන් යුගළක් අද (31) දහවල් සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

අදාළ පාසල් නිල ඇදුම් අසළ තිබි යාපනය, චාවකච්චේරි, ඉඩෙක්කාඩු මහා විද්‍යාලයේ දැරියන් පළඳින ටයි පටියක් තිබි හමු වි ඇති බවද යාපනය පොලිසිය පැවසුවා. සොයාගත් පාසල් නිල ඇඳුම හිමි දැරියට කිසියම් අනතුරක් සිදුව ඇතිද යන්න සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.