Saturday, May 4, 2024

General line - 0115112241

රටට ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ! මහ මැතිවරණයක් පවත්වන්න! හිටපු ජනපති කියයි

සමන්ත කුමාර




පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්. 

"ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියන මේ කතාවලින් රට අස්ථාවර බව පැහැදිලිවම පෙනෙනවා. රටට ස්ථාවර ආණ්ඩුවක් ඕන. ඒනිසා පාර්ලිමේන්තුව විසුරවා හැරලා මහ මැතිවරණයක් පවත්වන්න."

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම වෙත මෙම සාකච්ඡාවේදී පවරා තිබෙනවා.