Saturday, May 4, 2024

General line - 0115112241

ජනපතිගේ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ කතාවට ඒකාබද්ධයෙන් පිළිතුරු

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




සමාජ මාධ්‍ය ජාල රට තුළ තහනම් කිරීම යහපාලන ප‍්‍රතිපත්තිවලට අනුකූල නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. සමාජ මාධ්‍ය ජාල මගින් සිදුවන අපරාධ මැඩලීමට නොහැකි වුවහොත් ඒවා තහනම් කිරීමට පසුබට නොවන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා. 

තමන්ට මඩ ගසන අයුරින් පසුගිය පාලන සමයේ ද කටයුතු කළේ නම් ඔවුන් සොයා ගැනීමට හෝ නොහැකි බවයි ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළේ.

මේ ආණ්ඩුව යටතේ තමයි පාලකයින්ට අපහාස කරනව කියල සමාජ මාධ්‍යජාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන තියෙන්නේ. නඩු පවරලා තියෙන්නේ. යැයි ඊට පිළිතුරු වශයෙන් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පැවසුවා.