මත ගැටුම් පැවතියද ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මතුව ඇති තත්වයන් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව විපක්ෂයේ දේශපාලඥයින් රැසක් පෙන්වා දුන්නා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන පැවසුවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්, අගමැතිවරයාගේ මගපෙන්වීමෙන් දිගටම කටයුතු සිදුවන බවය.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර විරසකයක් පවතින්නේදැයි නෙත් නිවුස් මෙහිදී ප්රශ්න කළා. එවන් විරසකයක් නැතැයි පවසන මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ, ගැටළුවක් ඇත්නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බවය. එවැන්නක් සිදු නොවන්නේ එවැනි ගැටළුවක් නොමැති නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.