Thursday, December 26, 2024

General line - 0115112241

බැඳුම්කර හොරුන් වසර 30ක් සඟවාලන උත්සාහයක් - කැෆේ සංවිධානය හෙළිකරයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් ලේඛන ප‍්‍රසිද්ධ කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් වන බව කැෆේ සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ දැනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අදාළ ලේඛන වසර 30ක් සඟවා තැබීමේ උත්සයක් ක‍්‍රියාත්මක බවයි. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවේ ඇමුණුම්වල වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නා. 

අදාළ තොරතුරු වසන් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළා.