ප‍්‍රධාන මාර්ගයේ සියලූ දුම්රිය ප‍්‍රමාද වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය මත සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබීම නිසා මෙලෙස දුම්රිය ප‍්‍රමාද වී ඇ ති බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
පොලිසිය සහ මහේස්ත‍්‍රාත්වරයා පැමිණෙන තුරු මළ සිරුර අදාළ ස්ථානයේම තබා ඇති බැවින් මෙම ප‍්‍රමාදය සිදුව තිබෙනවා. අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ දුම්රියක ගැටීමෙන් නොවන බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.