Friday, May 3, 2024

General line - 0115112241

තිසර ලෝර්ඩ්ස් පිටිය දෙවනත් කරයි (VIDEO)

කසුන් කැලුම්




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (31) රාති‍්‍රයේ පැවති පන්දුවාර විස්ස තරගයේදී ලෝක කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණා. මෙම තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.

කෙසේ වෙතත් මෙම තරගයෙන් ලකුුණු 72ක ජයක් හිමිකර ගැනීමය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 4ක් දැවී ලකුුණු 199 ක් රැස් කළා. එවින් ලෙවිස් ලකුණු 58 යි. කි‍්‍රස් ගේල් ලකුණු 18කට දැවී ගියා. මාර්ලන් සැමුවෙල් ලකුණු 43 ක් රැස් කළ අතර දිනේෂ් රැම්ඩින් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

ලකුණු 200ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ලෝක කණ්ඩායමේ මුල් කඩුලු 4ක ලකුණු 8ක් තුළ බිද හෙලන්නට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. දරුණු පරාජයක අවමානයෙන් ලෝක කි‍්‍රකට් පිල ගලවා ගත් තිසර පෙර්රා අංක 06 පිතිකරුවා ලෙස පිටියට පිවිස ප‍්‍රවේගකාරී ඉනිමක් දියත් කළා. තිසර පන්දු 37කදී ලකුණු 61ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

ඔහු පන්දු 28කින් සිය අර්ධ ශතකය වාර්තා කළා. ලෝක කණ්ඩායමේ නායක සහීඞ් අෆ්රිඩි රැස් කළේ ලකුණු 11ක් පමණයි. සොයිබ් මලික් ලකුණු 12කට දැවී ගියා.

තරගයේ වීරයෝ කොදෙව් කණ්ඩායමේ එවින් ලෙවිස්. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත්වලට බලපෑ ඉර්මා සහ මරියා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ආධාර ලබාදීම සදහා මෙම ප‍්‍රදර්ශනාත්මක පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සංවිධාන කර තිබුණා.