කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (01) දින අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 206 දරන ගුවන් යානය මෙසේ අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගැනුණා.
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 320 එයා බස් වර්ගයේ එකක් වූ අතර, ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවා. මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බසින ලද මෙම ගුවන් යානයේ සිටි මගීන්ට ල එම යානයෙන් එළියට පැමිණීමට අවසර ලබා නොදුන් මත්තල ගුවන් තොටුපොළ බලධාරීන්, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ පසු උදෑසන 6.30 ට යළිත් මත්තල ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් කරනු ලැබුවා. යානය 6.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීම සිදු කර තිබුණා.