Thursday, December 26, 2024

General line - 0115112241

නියඟය බලපෑ ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර - මුදල් ඇමති




පසුගිය නියඟය බලපෑ ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අතකොලු බවට පත්ව සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (31) පැවති සමෘද්ධි බැංකු හරසර 2018 උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවා.

"තවමත් මේ රටේ විශාල පිරිසක් ඉතා පහළ ආදායම් ලබන දරිද්‍රතාවයෙන් පීඩා විඳින තත්ත්වයක පසුවෙනවා. අපේ රටේ දරිද්‍රතාවය නාගරිකව  1.8% ග්‍රාමීයව 4.3% වගේමවතු අංශයේ 8.8% දකින්න පුළුවන්ගතවත්මත් කිලිනොච්චිය වැනි දුෂ්කර දිස්ත්‍රික්කවල එය 18.2‍්‍% වගේ ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මොණරාගල, මුලතිව්, මඩකලපුව, බදුල්ල, ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවලත් දරිද්‍රතාවය ඉතා ඉහළයි.

ලංකාව දකුණු ආසියාවේ අන්ත දුගී බව අඩුම රට විදිහට අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. නමුත් විවිධ දුෂ්කරතා මැද්දේ දරිද්‍රතාවයෙන් ගොඩ එන ජනතාවට දිගටම තමන්ගේ ආදායම් මට්ටමහොඳ තත්ත්වයක තියාගන්න බැරි වුණොත් ආයෙමත් ඔවුන් අතර දුප්පත්කම හිස ඔසවන්න පුළුවන්. ඒ වගේම 2012 දී 6.7% තිබුණ මේ රටේ දරිද්‍රතාවය අද වෙන කොට 4.1% දක්වා අඩුවෙලා තියෙනවා. මේ අඩුවීම සම්බන්ධයෙනුත් සමෘද්ධි බැංකුවට අපි ස්තුතිය පුදකරන්න ඕනෙ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රකාශිත එකඟතා අනුව 2030 අවුරුද්දේ දී තිරසාර සංවර්ධන ඉලක්කයක් විදියට සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවය අපේ රටෙන් තුරන් කරන්න ඕනේ."

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරු ද සහභාගී විය.