Thursday, December 26, 2024

General line - 0115112241

හිටපු ඇමතිගේ බිරිඳට සහ දියණියට වරෙන්තු




නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

මෙසේ වරෙන්තු නිකුත්කරනු ලැබුවේ විභාගවන නඩුවක් වෙනුවෙන් ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. කාන්තාවකට පහරදී බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නඩුව පවරා තිබෙනවා.