මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඉදිරි ආණ්ඩුවක් යටතේ අණ පනත් වෙනස් කර හෝ බැඳුම්කර වංචාවේ සැඟවූ තොරතුරු හෙළි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පර්පචුවල් ටේරෂරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම්වලින් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ නම් ඇතුළත් ලේඛන වසර 30ක් යනතුරු හෙළි කළ නොහැකි බවට වාර්තා පළ වනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මේ බව කියා සිටියා.
අදාළ තොරතුරු සඟවාගෙන සිටීමෙන් යහපාලනයේ තරම පැහැදිලි වන බවද මෙහිදී ප්රකාශ කෙරුණා.