තොරතුරු දැන ගැනීමේ පනත අනුව බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන තොරතුරු සැඟවිය නොහැකි බව නීතිවේදී ආචාර්ය ප්රතිභා මහනාමහේවා පවසනවා. පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය ප්රසිද්ධ කළ නොහැකි බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කර ඇති ප්රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව ජනාධිපතිවරයාට හෝ අදාළ තොරතුරු වසන් කිරීමේ හැකියාවක් නොමැති බවයි ආචාර්ය ප්රතිභා මහානාමහේවා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
"ජනාධිපතිවරයාට මුක්තිය හිමි වුනාට ඔහුටවත් බැහැ මේය වසන් කරන්න. තොරතුරු දැන ගැනීමේ පනත අනුව මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාවට හිමිවනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.