රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ නවෝත්පාදනය මත ගමන් කිරීමෙන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. මහනුවර පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විද්‍යාත්මක ආණ්ඩුකරණයක අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.
මහනුවර නගර සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන කර තිබුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද සාමාන්‍ය මාර්ග දියුණු කිරීමද යන්න පිළිබඳ සංවාදයක් අවශ්‍ය බවයි.