Sunday, December 8, 2024

General line - 0115112241

ගෝඨාභයගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 4 ක් ඉවත් වෙයි

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඔහු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටීමට මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු තීරණය කර තිබෙනවා.

ඒ අනුව විනිසුරු ඊවා වනසුන්දර , බුවනෙක අලුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් පුද්ගලික හේතුන් මත එම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටීමට තීරණය කර ඇති බවයි සදහන් වන්නේ.
 
ඒ අනුව මෙම පෙත්සම මෙම විනිසුරුවරු සිව්දෙනා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නොවැම්බර් මස 27දා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ මෙ‍ම පෙත්සමේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය,පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු 44 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වශයෙන් නම් කරනු ලැබ සිටිති.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂඅත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2015 වසරේ මැයි මස 13 අතුරු තහනමක් නිකුත් කළ අතර එම අතුරු තහනම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇති.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිවිරෝධී බවට ප්‍රකාශකරන ලෙස ඉල්ලමින් සහ දැනට පරීක්ෂණ සිදුකෙරෙන සිද්ධින් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසට අතුරු තහනමක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සම ගොනු කර තිබුණි.