Thursday, December 26, 2024

General line - 0115112241

අර්ජුන් ඇලා්සියස්ගේ ඇප ඉල්ලීම ගැන නඩුව යළි කල්යයි

අධිකරණ වාර්තාකරු




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම ලබන 11වනදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01) දින නියම කළා. 

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න ඉදිරියේයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලා අභියාචනාධිකරණයේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට නීතිමය අයිතියක් නොමැති බව නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදි කියා සිටියා. 

නීතිපතිවරයාගේ වැඩිදුර දේශනය පෙත්සම යළි කැඳවන ලබන 11වනදා සිදු කිරීමට නියමිතයි.

ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන චෝදනා ලබා සිටිනවා.