පර්පචුවෙල් ටේරෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් දේශපාලඥයින් 118 දෙනෙකුට මුදල් ලබා දී ඇතැයි කියන ප්‍රකාශය මේවනවිට දේශපාලන වේදිකාවේ ද ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ස්ථාන කිහිපයකදී අදත් (01) ඒ පිළිබඳ අදහස් පළ වුණා.
ජන්ද කාලේදී ව්‍යාපාරිකයෙක් ගෙන් මුදලක් ගත්තේ නැති දේශපාලකයෙක් නැති තරම් බවත් රු. 55000/- ක මාසික වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවත් ජන්දයක් කිරීමට කෙනෙක් ගෙන් උදව්වක් නොලැබුණා නම් එය පුදුමයක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍යවේදීන් කල ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටියා.
එමෙන්ම පර්පචුවෙල් ටේරෂරීස් සමාගම මේ තරම් ප්රශ්නකාරී සමාගමක් බවට ඒ කාලයේ කිසිවෙකුත් දැනන් නොසිටි බවද මෙහිදී අමතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තේදැයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන්ද මාධ්‍යවේදීන් අද ප්‍රශ්ණ කළා. තමන්ට ජන්දෙට උපකාර කරන්නේ ගමේ මිනිසුන් බවත් වෙන කිසිවෙකුත් තමන්ට මුදල් දී නැති බව මෙහිදී ඇමතිවරයා කියා සිටියා.
මේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ තමන් මුදල් ලබා ගත් නැති බවත් ඉදිරියේදී දේශපානය සිදුකළ යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන විමසා බැලීය යුතු බවයි.
අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ අද ප්‍රශ්ණ කළා. දුෂණයට එරෙහිව සටන් කරන තමන් ගෙන් එවැනි ප්‍රශනයක් විමසීම ගැන ලැජ්ජා විය යුතු බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.