Thursday, December 26, 2024

General line - 0115112241

දින 100 හදපු කාලේ මම හිටියේ මහින්දගේ පැත්තේ - ඇමති විජයමුණි කියයි

දිල්ශාන් තුෂාර/ ලහිරු කපුගේ




අපවත්වී වදාළ පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම සංවත්සර උත්සවයකදි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද දේශපාලන වේදිකාවේ අද (01) විවිධ අදහස් පළ වුණා. 

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ ලක්ෂ 62 ක ජන්දයක් සමග මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්කර ගන්නා විට අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගනු ලැබූ බවත් පසුව අගමැතිවරයාට එරෙහි කණ්ඩායමක් සිදුකල ක්‍රියාවන් නිසා මේ රටේ මොනතරම් හොද වැඩක් කලත් අවසානයේදී එය එලියට නොපැමිණි බවයි.

ජනපතිගේ කතාවෙන් පසුව තෙරුම් ගන්න හැකිවුයේ දිනෙන් දින මේ ආණ්ඩුවේ ප්‍රශ්න තිබෙන බවත් ඒ නිසා පාර්ලිමේන්තුව දැන් වැඩ කරන්න බැරි බව ආණ්ඩුවෙන්ම ඔප්පු කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියා.

මේ අතර මේ පිළිබඳව අදහස් දැක්වූ  අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා සිටියේ ජනපතිවරයා වෙනම දේශපාලන පක්ෂයක සභාපතිවරයෙක් බවත් ඔහුගේ දේශපාලන ඉලක්ක පවතිනවා සේම අගමැතිවරයාටත් ඒ ආකාරයෙන්ම ඉලක්ක ඇති බවත් එයට හේතුව දෙදෙනා පක්ෂ දෙකක නායකයින් විම නිසා බව පවසා සිටියා.

ජනාධිපතිවරණයේදී තමන් ඉදිරිපත් කළ දින සියයේ වැඩපිළිවෙළ තමන්ගේ අනුදැනුමක් නොමැතිව සකස් කළ එකක් බවද ජනාධිපතිවරයා ඉහත ප‍්‍රකාශයේදී කියා සිටියා. ඒ පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් අද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන් ඒ කාලයේදී හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සමග සිටිය බවත් ඒ නිසා දින 100 වැඩපිලිවල සකස් කලේ කවුරුන්ද යන්න ගැන තමා නොදන්නා බවයි.

මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවකද මේ පිළිබඳ කළ ප‍්‍රශ්ණ කළ අතර එහිදී ඔහු කියා සිටියේ දින 100 වැඩපිලිවල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග නිකුත් කල බවත් සමහර විට ජනාධිපතිවරයා එය සිදුකලේ කවුරුන්ද කියා නොදැනුවත්ව සිටින්නට ඇති බවයි.