Thursday, December 26, 2024

General line - 0115112241

චීන - ශී‍්‍ර ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ගැන සාකච්ඡා මග හිටී

සමන්ත කුමාර /ඩිල්ෂාන් මඩවල




චීන ශී‍්‍ර ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඇණ හිට තිබෙනවා. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම සාකච්ඡා මෙහෙයවන කේ ජේ විරසිංහ රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ එකඟතාවකට පැමිණිමට නොහැකි වූ කරුණු කිහිපයක් නිසා මෙම සාකච්ඡා මෙලෙස ඇණහිට ඇති බවයි. 

අදාළ ගිවිසුමට එළඹ වසර 10කින් පසු ඒ පිළිබඳ නැවත ඇගයීමක් සිදු කළ යුතු බවට ශී‍්‍ර ලංකාව යෝජනා කර තිබෙනවා. එහෙත් එවැනි ඇගයීමක් නොමැතිව  දිගුකාලීන ගිවිසුමකට එළඹිය යුතු බවයි චීනයේ ස්ථාවරය වී ඇත්තේ. චීනය සහ ශී‍්‍ර ලංකාව අතර හුවමාරුවන ද්‍රව්‍යවලින් 90%ක් සඳහා බදු ඉවත් කළ යුතු බවට ද චීනය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

එහෙත් ශි‍්‍ර ලංකාව ඊට එකඟ වී නොමැති අතර ශී‍්‍ර ලංකාව පවසා ඇත්තේ මුලින් 50%ක් ද්‍රව්‍යයන්ගේ බදු ඉවත් කර වසර 20ක් ඇතුළත එය ක‍්‍රමයෙන් පුළුල් කළ යුතු බවයි.
 
රොයිටර් පුවත් සේවය චීන වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන්ද මේ පිළිබඳ විමසීමක් කර ඇතත් ඔවුන් ඊට ප‍්‍රතිචාර දක්වා නැහැ.