Friday, May 17, 2024

General line - 0115112241

බර්ලින් නුවර විශාල පිරිසක් සිටින දේවස්ථානයකට පිහියක් අතින් ගත් පුද්ගලයෙකු ඇතුල්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජර්මනියේ බර්ලින් අගනුවර පිහිටි ප‍්‍රධාන දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිස් නිලධාරියෙකු එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

මෙම පුද්ගලයා තියුණු ආයුධයක් අතින් ගෙන දේවස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරී ඇති බවටයි පැවසෙන්නේ. ඒ සමගම අවිගත් පොලිස් නිලධාරීන් රැසක් දේවස්ථානය තුළ සහ ඉන් පිටතට පැමිණි බවද විදෙස් මාධ්‍යන්හි සඳහන්.

කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාට පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඇත්තේ ඉන් පසුවයි. ප‍්‍රහාරයෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව බර්ලින් පොලිසිය පසුව ප‍්‍රකාශ කළා. එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට ද තුවාල සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිටුපස කිසිදු ත‍්‍රස්ත සම්බන්ධයක් නොමැති බවයි ජර්මනිය අවධාරණය කරන්නේ.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ පුද්ගලයින් සියයක් පමණ දේවාස්ථානයේ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිද්ධිය වාර්තා වූ බර්ලින් දේවස්ථානය 19 වන සියවසේ දී ඉදිකළ ඓතිහාසික දේවස්ථානයක්.