Saturday, May 4, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ බිරිඳගේ අලුත්ම බලාපොරොත්තුව




ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත හමුවට ට්‍රම්ප් බිරිඳ මෙලානියා ද සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා පවසනවා.

සිංගප්පූරුවේ පැවැත්වෙන එම හමුවට මෙලානියා සහභාගී වන නිසා ඇය කැනඩාවේ කියුබෙක්හි පැවැත්වෙන, ලොව ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ජී 7 සමුළුවට සහභාගී නොවනු ඇති බව ද ධවල මන්දිරය පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

48 හැවිරිදි මෙලානියා ට්‍රම්ප් පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකුණා. ඒ, පසුගියදා ඇය වකුගඩු සැත්කමකට භාජන වීම හේතුවෙන්. සැත්කමින් පසු  ඇය සති කිහිපයක් විවේක ගත් බව ධවල මන්දිරය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.