Thursday, May 9, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිත් ඇලෝසියස්ගේ මුදල් ගැන කතා කරයි




ඒකාබද්ධ විපක්ෂයේ බෙදීම් සහ ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (06) විශේෂ අනාවරණයක් සිදු කළා.

ඒ, ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ආන්දෝලනයට තුඩු දී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් කියන සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

එහිදී "බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඒ කාලය තුළ කටයුතු වෙනකොට උදව් අරගෙන මුදල් ගත්තු දේශපාලඥයොත් ඉන්නවා. ඒගොල්ලෝ දෙපැත්තෙම ඉන්නවා. ඒ අයව සුද්ද කරන්න අපිට බෑ " යනුවෙන් සඳහන් කෙරුණා.

(එම වැඩසටහනේ කොටසක් පහතින් දැක්වෙයි)

අමාත්‍යවරයා සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමෙන් අපේක්ෂා කළ අරමුණු ද ඉටු නොවූ බවයි. 

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)