කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකය ආසන්නයේ මුළුතැන්ගෙය පිහිටා තිබීම නිසා දැඩි සත්කාරක ඒකකයේ දොරවල් විවෘත කරන ඇතැම් අවස්ථාවලදි මැස්සන් පවා දැඩි සත්කාරක ඒකකයට ඇතුල්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එහි කළ නිරීක්ෂණ චාරිකාවේ දී අනාවරණය වී තිබෙනවා.
එම ඒකකයේ ධාරිතාවය වැඩි කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරුණා.
එමෙන්ම ළමා දැඩි සත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීමේ දී ඇතිවන කාර්ය මණ්ඩල ගැටළු පිළිබඳවද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් 600කගේ පමණ හිඟයක් පවතනි බව මෙහිදී අනාවරණය වුණා. ළමා දැඩි සත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීම සඳහා අවශ්‍ය සම්පත් මෙන්ම හෙද හෙදියන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කඩිනමින් ලබාදෙන බැවද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ පවසා තිබෙනවා.