Saturday, December 28, 2024

General line - 0115112241

මහරගම මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක් (UPDATE)




මහරගම මහ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් අද (07) පෙරවරුවේ  දිවුරුම්දීමත් සමඟ මේ වන විට මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති බව වාර්තා වෙනවා.

අද සිදු වූ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරුන් නගර සභා පරිශ‍්‍රයේ විරෝධතාවක නිරත වීමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වුණා.

මහරගම නගර සභාවේ අද පෙරවරුවේ යතුරුපැදිය ලකුණ යටතේ නගර සභාවට තේරීපත් වූ 06 දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමග ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙනෙක් දිවුරුම් දුන්නා. ඒ අතරට එම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ද ඇතුළත්.

ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අද පෙරවරුවේ දිවුරුම් දුන් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඉකුත් පෙබරවාරී මස 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් යතුරුපැදිය ලකුණෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙක ජයගත්තා. ඔවුන්ට හිමි වූ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 25ක්. එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ මන්ත‍්‍රී ධුර 11ක් පමණයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වුණා. ඉන් පසුව ඔවුන්ගේ සහය හිමි වුණේ යතුරුපැදිය ලකුණෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකටයි. 


 

-------------------------------

යතුරුපැදිය නියෝජනය කරමින් මහරගම අලුතින් දිවුරුම් දෙයි

(07-06-2018 11:25)

 

යතුරුපැදිය ලකුණෙන් මහරගම මහ නගර සභාව නියෝජනය කරන නියෝජිතයින් වෙනුවට අද (07) වෙනත් පිරිසක් දිවුරුම් දුන්නා.

ඒ අනුව එම තනතුරු සඳහා කාන්ති කොඩිකාර, ඇතුළු නියෝජිතයින් 05 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා.