Wednesday, November 13, 2024

General line - 0115112241

හිරුණිකා නොයයි - ලිපියක් යවයි

අධිකරණ වාර්තාකරු




දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව ඔක්තොම්බර් මස 08 සහ 09 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරනය අද (07) නියෝග කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වන බැවින් අද දින අධිකරනයේ පෙනී නොසිටින බව ඇයගේ නීතිඥවරයා අධිකරනයට දැන්වුවා. එය සනාථ කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නඩු විභාගය ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනවලට කල් තැබීමට මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත් හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළා.

ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත්හිටුවීමට මහාධිකරන නියෝග කර තිබුණා. තවද එම විත්තිකරුවන් හත් දෙනෙකුට රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක වන්දි මුදල් වින්දිත පුද්ගලයාට ගෙවීමට නියෝග කළා. 

2015 වර්ෂයේ දෙසැම්බර්  21 ක තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29 යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුනා. නීතිපතිවරයා විසින් චෝදනා 29 කින් යුක්ත අධි චෝදනා මහාධිකරණයේ ගොනු කළා.