යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිලධාරීන් 05 දෙනාගෙන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ, නිතිපතිවරයාගේ උපදෙස් මත යාපනය මහාධිකරණය විසින්.
2016 වසරේ ඔක්තෝම්බර් මස 20වැනිදා අළුයම යාපනයේ කොකුවිල් මාර්ගයේ පිහිටි පොලිස් මුරපොළකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
වෙඩි තැබීමෙන් මිය ගියේ නඩරාජා ගජන් හා විජයකුමාර් සුලක්ෂන් නැමැති සිසුන් දෙදෙනායි.
පොලිස් වෙඩි තැබීමකින් පසුව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා මියගිය බව ප‍්‍රකාශ කෙරුණා. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව කොකුවිල් මාර්ගයේ පිහිටි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් නිලධාරීන් 05දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ගේ වැඩ තහනම් කෙරුණා.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි යාපනය මහාධිකරණය විසින් ඊයේ (06) නිදහස් කර ඇත්තේ එම පොලිස් නිලධාරීන් 05දෙනා අතරින් තිදෙනෙකුයි.