Wednesday, November 13, 2024

General line - 0115112241

වරින් වර දූෂණය වී දරුවන් දෙදෙනෙකු බිහිකළ බාලවයස්කාරියට වසර 09කට පසු යුක්තිය ඉටුවීම ඇරඹුණු හැටි

ලලිත් චාමින්ද - ගාල්ල




බාලවයස්කාර දැරියක් දෙවතාවකදී ගැබිනියක් බවට පත්වීමේ පුවතක් වදුරඹ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම දැරියගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොටුව නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වදුරඹ පොලිසියට භාරදී තිබෙනවා.

ඌරල කොඹෙයිගොඩකන්ද ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම බාලවයස්කාර දැරිය එවකට 14  හැවිරිදි වියේ සිටියදී 2009 වර්ෂයේ දී දුෂණය කොට තිබුණා.  ඉන්පසු මෙම දැරිය පාසලේදී  සිහිසුන් වී ඇති අතර පසුව ඒ සදහා ප්‍රථිකාර ගත්තද සුව වී නැහැ. දැරිය වෛද්‍ය පරික්ෂණවලට ලක්කිරීමේ දී ගැබිනියක් බවට අනාවරණය වී තිබුණා. 

දැරියගෙන් මේ ගැන විමසූවිට සුරියවැව රුවන් නැමැති අයකුගේ නමක් පවසා තිබෙනවා. එම නම දැරිය හා දැරිය දුෂණයට ලක්කල  පුද්ලයා විසින් නිර්මානය කරණු ලැබූ නමක් බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබුණා.

මේ සම්බන්ද 2010.03.20  වැනි දින මුල්වරට පොලිසියට පැමිණිලි කොට තිබෙන අතර පසුව බාලවයක්කාර දැරිය විසින් බිහිකළ දරුවා අධිකරණය මගින් වෙනත් අයෙකුට  හදාවඩා ගැනීමට දී තිබෙනවා.

පසුව නැවත වතාවක් මෙම දැරිවිය ගැබිනියක් බවට පත්ව ඇති අතර එම දරුවාද වෙනත් අයෙකුට  හදාවඩා ගැනීමට ලබාදී ඇති බවයි වාර්තා වුණේ. දෙවැනි වතාවේදී මෙම දැරිය ගැබිනියක් බවට පත්වනවිට ඇයගේ වයස අවුරුදු 17ක්.

සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් සැකකාර මස්සිනා මෙම සිද්ධිය වී වසර නමයකට පමණ පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් මෙම තැනැත්තියගේ වයස අවුරුදු 23ක් වන අතර සැකකාර මස්සිනාගේ වයස අවුරුදු 48ක් වනවා.