Wednesday, November 13, 2024

General line - 0115112241

පස් කන්දක් කඩා වැටී දැරියක් මරුට

දිනුක් හේවාවිතාරණ




දැරණියගල, මාලි බොඩ ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි අවුරුදු අවූරුදු 2ක දැරියෙක් රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග පස් කන්ද කඩා වැටී ඇති අතර ඒ අවස්ථාව වන විට නිවසේ මව සහ දරුවන් දෙදෙනා සිට තිබෙනවා.

බරපතල තත්ත්වයේ සිටි දරුවා දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර මව සහ අනෙක් දරුවා නිරුපද්‍රිතව සිටින බව දැරණියගල පොලිසිය සදහන් කරනවා.