බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක සිටි කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් සමූහ දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ උප පොලිස් පරික්ෂකවරයකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකුට වසර 20 බැගින් වූ බරපතළ වැඩසහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා.
තවද වින්දිත තැනැත්තියන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ වන්දි මුදල් ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා චුදිතයින්ට නියෝග කළා.
වන්දි මුදලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 70,000/= ක වන්දි මුදල් ගෙවීමට ද මහාධිකරණය නියෝග කළා.
2003 වර්ෂයේ අගොස්තු මස 8 දින බම්බලපිටිය ප්‍රදේශයේදී මෙම තරුණියන් දෙදෙනා සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් සමූහ දූෂණය කර ඇති බවට නීතිපතිවරයා අධි චෝදනා ගොනු කරමින් චෝදනා කර ඇත.
පොලිස් නිළධාරියා විසින් තම රාජකාරි බලය යොදා තරුණියන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට මහාධිකරන විනිසුරුවරයා පවසා සිටියා.