Thursday, May 2, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් ආරාධිත වොලිබෝල් තරගාවලිය හෙට ඇරඹෙයි




කොළඹ රාජකීය විද්‍යාලීය වොලිබෝල් උපදේශන හා කළමණාකරණ කමිටුව සංවිධාන කරන බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය හෙට (08) ආරම්භ වනවා. ඒ, රීඞ් මාවතේ පිහිටි විද්‍යාලීය කි‍්‍රඩාංගණයේදීයි.

වයස් කාණ්ඩ 5ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනවා. වයස අවුරුදු 19 න් පහළ බාලිකා අංශයේ තරගයක්ද පැවැත්විමට නියමිතයි. බස්නාහිර පළාතේ පාසල් 50 ක කණ්ඩායම් සියයක් පමණ මෙම තරගාවලියට සහභාගි වනවා. අවසන් තරග ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.