Tuesday, May 14, 2024

General line - 0115112241

අභිරහස් රෝගාබාධා කිහිපයක්! චීනයේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හඳුනානොගත් අභිරහස් රෝගාබාධා කිහිපයක් සම්බන්ධයෙන් චීනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් අසාමාන්‍ය රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි චීනයේ සිටින අමරිකානු වැසියන් හට තානාපති නිලධාරීන් දැනුම් දෙන්නේ.

වරින්වර ඇතිවන හිසරදය, දෘෂ්‍යාබාධ, ශ‍්‍රවණාබාධ මෙන්ම නින්ද නොයාමද මෙම රෝගාබාධ අතරට අයත් බව වාර්තා වනවා. ඒ අනුව චීනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන අමෙරිකානු කිහිපදෙනෙක්ම ඉන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගත්තා.