Friday, May 10, 2024

General line - 0115112241

දකුණු කොරියානු මාධ්‍යවේදීන් දෙදෙනෙක් සිංගප්පුරුවේදී අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සාම සමුළුවට දින 4 ක් තිබියදී සිංගප්පුරුවේ පිහිටි උතුරු කොරියානු තානාපතිවරයාගේ නිවසට අනවසරයෙන් ඇතුල් වූ බවට චෝදනා එල්ල කරමින් දකුණු කොරියානු මාධ්‍යවේදීන් දෙදෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංගප්පුරු පොලිසිය සදහන් කරන්නේ උතුරු කොරියානු  තානාපතිවරයාගේ නිවසින් ලද දැනුම් දීමක් මත ඔවුන් ක්‍රියාත්මක වූ බවයි.

දකුණු කොරියාවේ KBS මාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.

සිංගප්පුරු බලධාරීන් සදහන් කරන්නේ ජුනි 12 වෙනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැවැත් වෙන සමුළුව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් 3000 ක් පමණ සහභාගිවෙනු ඇති බවයි.

මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව මාධ්‍යවේදීන් පිරිසක් උතුරු කොරියානු තානාපතිවරයාගේ නිවස ඉදිරිපිට නිහඩ විරෝධතාවයක දී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.