Monday, April 29, 2024

General line - 0115112241

භූමිතෙල් අඩු කිරීම ප්‍රමාණවත් නෑලු

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීම ප‍්‍රමාණවත් නොවන බව ධීවරයින් පවසනවා. එමගින් තම ගැටළුවලට විසඳුමක් නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මේ බව සඳහන් කරනවා. 

භූමිතෙල් මිල අඩු නොකිරීමට විරෝධය පළ කරමින් මීගමුවේ ධීවරයින් ඉකුත් දින 03දී සත්‍යග‍්‍රහයක ද නිරත වුණා.

ඔවුන් පවසන්නේ පෙර මිලටම ඉන්ධන ලබාගැනීමේ අරමුණින් තමන් අද (11) සිට විරෝධතාවක නිරත වන බවයි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීම ප‍්‍රමාණවත් නොවන බව හලාවත ධීවර සංගම් ද පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තම ගැටළුවලට කිසියම් හෝ සහනයක් ලැබීමට නම් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 දක්වා අඩු කළ යුතු බවයි. හෙට (12) මධ්‍යම රාත‍්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.

ඉකුත් දා සිදු කෙරුණු මිල ඉහළ දැමීමට අනුව මේවනවිට භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 101කටයි.