Monday, April 29, 2024

General line - 0115112241

යමෙක් අබ ඇටයක් හා කුඩා වූ ධාතූන් වහන්සේ නමක් දකී ද ඒ ඔවුගේ දෙනෙතින් ලොව්තුරා බුදු හාමුදුරුවෝ දැක්කා හා සමානය




නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන සෙනසුරාදා (16) ආරම්භ වනවා.

බුදු රාජාණන් වහන්සේගේ ජීව කේෂ ධාතුන් වහන්සේ, ශාරීරික ධාතුන් වහන්සේ හා සැරියුත් මුගලන් ප‍්‍රධාන දස නමක් වූ මහරහත් ධාතුන් වහන්සේ දැක බලා වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙහිදි සැදැහැවතුන්ට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ධාතු වහන්සේ ශ‍්‍රද්ධාවෙන් නමස්කාර කිරීමෙන් ආශිර්වාද අත්වන බවද පැහැදිළි කළා.

එහිදී සඳහන් කෙරුණේ සම්බුදු දේශනාවට අනුව යමෙක් ථතාගතයින් වහන්සේගේ අබ ඇටයක් හා කුඩා වූ ධාතූන් වහන්සේ නමක් දකී ද ඒ ඔවුගේ දෙනෙතින් ලොව්තුරා බුදු හාමුදුරුවෝ දැක්කා හා සමානය යනාදි වශයෙන් බවයි. 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන 16 වැනිදා ආරම්භ වන්නේ ඓතිහාසික දෙවනගල පුදබිමෙන්.