Wednesday, November 13, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා 




පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා.

වයඹ සහ ඌව පළාත් සභාවල මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වී තිබෙන අතර  තම දේශපාලන හිතවතුන්ගේ හා ඥාතීන්ගේ දරුවන් රැසක් මෙම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති බවත් හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

පන්ති කාමරයක සිසුන්  ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  ලබා දී ඇති නියෝගය පවා උල්ලංඝණය කරමින්  සිදු කර ඇති මෙම බඳවා ගැනීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වැඩපිළිවෙළට බාධා මතු කරන බවයි වාර්තා වන්නේ.