ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්රවාහන ගාස්තු වැඩිකරන ලෙස තමන් කළ ඉල්ලීමට අද (11) දිනයේදී සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් වෘත්තිය ක්රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
බොහෝ දුරට කලින් නොදන්වා අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
එහි සම ලේකම් ශාන්ත සිල්වා ප්රකාශ කළේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වෘත්තිය ක්රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ප්රවාහන ගාස්තු වැඩිකරන ලෙස ඉල්ලා තම සංගමය බෙදාහැරීම් කළමනාකරු, කළමනාකාර අධ්යක්ෂ, සභාපති, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපි යොමු කර ඇති බවත් ඊට මෙතෙක් විසඳුම් ලබා නොදුන් බවත් පෙන්වා දෙනවා.