ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
මේ වනවිට අදාළ සමාගමෙන් මුදල් ලබාගත් බව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරද පිළිගෙන තිබෙනවා.