Wednesday, May 1, 2024

General line - 0115112241

රොනාල්ඩෝගෙන් ගෝල ත්‍රිත්වයක් (VIDEO)

කසුන් කැලුම්




රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ගෝල ති‍්‍රත්වය වාර්තා කිරීමට පෘතූගාල සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. එ් ප‍්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිවයි. කෙසේ වෙතත් මෙම තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල තුන  බැගින් ලබා ගැනීම නිසා තරගය ජය පරාජයෙන් අවසන් වුණා. පෘතුගාලයේ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සිවුවන, 24 වන සහ 88 වන  මිනිත්තුවලදී ගෝල වාර්තා ති‍්‍රත්වය වාර්තා කළා. 

පළමු අර්ධය නිමා වනවිට ගෝල දෙකට එකක් ලෙස පෙරමුණ ගෙන සිටියේ පෘතුගාල කණ්ඩායමයි. දෙවන අර්ධයේදි ආක‍්‍රමණශීලි තරග රටාවක නිරත වූ ස්පාඤ්ඤ කණ්ඩායම 55 සහ 58 වන මිනිත්තුවලදී ගෝල වාර්තා කරමින් තරගයේ ගෝල 3 ට 2 ක් ලෙස පෙරමුණ ගත්තා. සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ 88 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළා.