Saturday, April 27, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය ඔඩු දුවයි - ජනපති අගමැති මැදිහත් වෙන්න

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




තමන් ආරම්භ කළ වැඩවර්ජන සඳහා බාහිර වෘත්තීය සමිති සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඔවුන් සමග අද (19) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නපි‍්‍රය පැවසුවේ  තැපැල් සේවකයින්ගේ ගැටලූ විසදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් විය යුතු බවයි. මේ එහි සභාපති සමන් රත්නපි‍්‍රය.

තැපැල් සේවකයින් ආරම්භ කළ මෙම වර්ජනයට අදට දින අටක් ගත වී තිබෙනවා. කොතෙක් බලපෑම් එල්ල වුවද සිය ඉල්ලීම් ඉටු කරන තෙක් තමන් වර්ජනය අත් නොහරින බවයි එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.
 

පැමිණීම අනිවාර්ය කිරිම හේතුවෙන්  තැපැල් සේවකයින් රැසක් සේවයට වාර්තා කර ඇති බවයි තැපැල්පති රෝහණ අබේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.