Tuesday, May 14, 2024

General line - 0115112241

අමෙරිකා චීන යුද්ධය බරපතල වෙයි - රුසියාවට වාසියක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය මේවනවිට තවදුරටත් තීව‍්‍ර වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ චීනයට එරෙහිව අමරිකාව විසින් පැනවූ සියයට 25ක තීරු බද්ද මීට හේතුවී ඇති බවයි. කෙසේ වෙතත් අමරිකාව ගත් තීරණයට ප‍්‍රතිචාර දැක්වීමට චීනය ද සූදානම් වනවා.

ඒ අනුව චීනය පවසන්නේ අමෙරිකාවෙන් සිදු කරන බොරතෙල් ආනයනය සඳහාද නව තීරු බදු පනවන බවයි. චීනය එසේ සිදු කළ හොත් අමරිකාවට මසකට ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදු වනු ඇතැයි අපේක්ෂිතයි. අමෙරිකාවෙන් ආනයනය කරන තවත් භාණ්ඩ කිහිපයක් සඳහා බදු පැනවීමට චීනය අපේක්ෂා කළ ද බොරතෙල් ආනයනය මත සිදු කරන බදු පැනවීම අමෙරිකාවට වැඩි බලපෑමක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉකුත් සිකුරාදා සිට අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිළ පහත වැටෙමින් ඇති බවයි වෙළඳපළ විශ්ලේෂකයින් පැවසුවේ.

අමෙරිකානු ආනයනික බොරතෙල් ප‍්‍රතික්ෂේප කිරීමට චීනය ගත් තීරණය හමුවේ ඔපෙක් හා රුසියානු තෙල් නිෂ්පාදකයින්ට වැඩි වාසි සිදු වෙතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව ඔපෙක් සංවිධානයේ ප‍්‍රමුඛයා වන සවුදි අරාබියත්, ලොව ප‍්‍රමුඛ පෙළේ තෙල් සැපයුම්කරුවෙකු වන රුසියාවත් පවසන්නේ සිය බොර තෙල් අපනයන ඉහළ නංවන බවයි. එසේම තෙල් සැපයුම් සීමා ද ලිහිල් කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.