Tuesday, May 21, 2024

General line - 0115112241

එංගලන්ත නායකයාගෙන් ගෝල ද්විත්වයක් - ස්වීඩනය වසර 60කට පසු ආරම්භක ජයක් ලබයි

කසුන් කැලුම්




රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද (19) අලූයම සමත්වුණා. ඒ, ගෝල 2 ට 1ක් ලෙස ටියුනීසියාව පරාජය කරමින්. එංගන්ත නායක හැරී කේන් එම ගෝල ද්විත්වය වාර්තා කළා. ඒ, තරගයේ 11වන සහ 90වන මිනිත්තුවේදියි.

ඊයේ පැවැති තවත් තරගයකින් ගෝල 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට බෙල්ජියම සමත්වුණා. ඒ සිය මංගල ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ පැනමා රාජ්‍යය පරාජය කරමින්. බෙල්ජියම් කී‍්‍රඩක රොමෙලූ ලූකැකු මෙහිදී ගෝල ද්විත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණා. බෙල්ජියම් පාපන්දු කණ්ඩායම අවසන් ලෝක කුසලාන පාපන්දු තරගාවලි 10යේදීම මූලික වටයේදී කිසිඳු කණ්ඩායමක් හමුවේ මේ දක්වා පරාජයට පත් නොවීම විශේෂත්වයක්.

මේ අතර වසර 60කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ආරම්භක තරග ජයක් වාර්තා කිරීමට ස්විඩනය ඊයේ සමත්වුණා. ඒ දකුණු කොරියාව ගෝල 1 ට 0ක් ලෙස පරාජය කරමින්.

අද පැවැත්වෙන තරග

කොලොම්බියාව සහ ජපානය -  ප.ව 5.30

පෝලන්තය සහ සෙනගාලය - ප.ව 5.30

රුසියාව සහ ඊජිප්තුව - රාතී‍්‍ර 11.30