Monday, May 6, 2024

General line - 0115112241

උරුගුවේ සහ රුසියාව 16 වටයට - ආජන්ටිනාව අද තරග බිමේ

කසුන් කැළුම්




රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ලියොනල් මෙසී ප‍්‍රමුඛ ආර්ජන්ටිනාව සහභාගි වන තවත් තරගයක් අද (21) පැවැත්වෙනවා. එ් ක්‍රොඒෂීයා කණ්ඩායමට එරෙහිවයි. ඞී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 11 .30ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර සී කාණ්ඩයේ ඩෙන්මාර්කය සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරගයද අද පැවැත්වෙනවා. එම තරගය  මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 5. 30ටයි. සී කාණ්ඩයේ ප‍්‍රංශය සහ පේරු රාජ්‍ය අතර තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 8 .30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය තුන්වන ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤ කී‍්‍රඩක දියාගෝ කොස්තා සමත් වුණා. ඒ, ඉරානයට එරෙහිවයි.

මේ අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට ‘‘ඒ’’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක රුසියාව සහ උරුගුවේ කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ජයග‍්‍රහණ දෙක බැගින් ලබා ගනිමින්. 

උරුගුවේ කණ්ඩායම හමුවේ ඊයේ ගෝල එකට බිංදුවක් ලෙස පරාජය වූ සෞදි අරාබියට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදු වුණා. 23 වන මිනිත්තුවේදී උරුගුවේ කණ්ඩායමේ ලූයිස් සුවාරිස් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළා. 

තරගයේ ජයග‍්‍රාහණයේ සතුට ලූයිස් සුවාරිස් සැමරූ ආකාරය පිළිබවද පාපන්දු ලෝලීන්ගේ ඊයේ වැඩි අවධානයක් යොමු වුණා. ඔහු එහිදී ගැබිනියක්ව සිටින සිය බිරිද සිහිපත් කළේ  පාපන්දුව සිය කමිසය යට සගවා ගනිමින්.