Monday, May 6, 2024

General line - 0115112241

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ තරග කාලසටහන එළිදකී.

කසුන් කැලුම්




ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්වල ඉහළින්ම සිටින රටවල් 9 අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ තරග කාලසටහන අයි සී සීය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ලබන වසරේ ජූලි 15 වැනිදා සිට 2021 අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. එහිදී සෑම කණ්ඩායමක්ම සිය රට තුළදී ටෙස්ට් තරගාවලි 3කටත්, රටින් පිටත ටෙස්ට් තරගාවලි 3කටත් කී‍්‍රඩා කිරීමට නියමිතව තිබෙනවා. එම තරගවලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතයි. 
මේ වනවිට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාව සිය රට තුළදී නවසීලන්තය, එංගලන්තය, සහ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා. ශී‍්‍ර ලංකාව රටින් පිටත තරග වදින්නේ පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.