Monday, May 6, 2024

General line - 0115112241

චන්දිමාල් සටන අරඹයි

දිනුක් හේවාවිතාරණ




තමන් විසින් පන්දුව පළුදු කළ බවට චෝදනා කරමින් පැනවු ටෙස්ට් තරග තහනමට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරග තීරක ජවගල් ශ්‍රිනාත් වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සාන්ත ලුසියා ක්‍රිඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරගයේ 2වන දිනයේදි සිය කලිසම් සාක්කුවේ තබාගෙන තිබු යම් ද්‍රව්‍යයක් කටේ දමාගෙන පසුව කේටය උපයෝගි කර ගනිමින් පන්දුව පළුදු කළ බවට ශ්‍රි ලංකා නායකයා වෙත චෝදනා එල්ල වුනා. 

තරග තීරකවරයා වු ජවගල් ශ්‍රීනාත් තරගයේදි ගනු ලැබු විඩීයෝ සාක්ෂි මත පදනම් කර ගනිමින් දිනේෂ් චන්දිමාල් හට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් නියම කරනු ලැබුවා.

නමුත් තරග තීරකවරයා සිය තින්දුව ගැනිම සදහා උපයෝගි කර ගත් විඩියෝ වලින් දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන්නේද යන්න ගැන පැහැදිලි සාක්ෂියක් දිස් වන්නේ නැති බවයි වාර්තා වන්නේ.