Sunday, April 28, 2024

General line - 0115112241

රහසේ හෝටලයෙන් පිට වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාව ආපසු ගෙදර එවයි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්





විනය කඩ කිරීමක් හේතුවෙන් කොදෙව් ටෙස්ට් තරග සංචාරයට එක්ව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක ජෙෆ්රි වැන්ඩර්සේ යළි ශී‍්‍ර ලංකාවට එවීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ සිය ආයතනය සමග අත්සන් තබා ඇති ගිවිසුම් උල්ලංඝනය වන පරිදි වැන්ඩර්සේ කටයුතු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔහු යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

වැන්ඩර්සේ සහ තවත් කී‍්‍රඩකයින් තුන් දෙනෙකු කොදෙව් දූපත් හි ශාන්ත ලූසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසු රාති‍්‍ර කාලයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට ගොස් තිබෙනවා.

සෙසු කී‍්‍රඩකයින් යළි ශී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත පැමිණි අතර වැන්ඩර්සේ පැමිණ ඇත්තේ පසුදා උදෑසනයි.

අදාල කාලය තුළ වැන්ඩර්සේ හෝටලය තුල නොසිටීම හේතුවෙන් කණ්ඩායම් කළමනාකාරීත්වය මේ පිළිබදව එරට පොලීසියටද පැමිණිලි කර තිබෙනවා. යළි හෝටලය වෙත පැමිණීමෙන් පසු වැන්ඩර්සේ පවසා ඇත්තේ තමන් සමග හෝටලයෙන් පිටත ගිය සෙසු කී‍්‍රඩකයින් තුන්දෙනා තමන්ට මග හැරුණු බවයි. මේ නිසා තමාට හෝටලය සොයා ගැනීමට නොහැකිව අතරමං වූ බවයි වැන්ඩර්සේ එහිදී කණ්ඩායම් කළමනාකාරීත්වයට පවසා ඇත්තේ.