Wednesday, May 8, 2024

General line - 0115112241

ආරක්ෂාව වෙනුවෙන් කළ නව නිර්මාණය (PHOTOS)

රංජිත් රාජපක්ෂ




සිය වෘත්තීය ක්ෂේත්‍රයේ තිබෙන අනාරක්ෂිත බව අධ්‍යනය කිරීමෙන් පසු නව නිර්මාණයක් සිදු කරන්නට විදුලි අධිකාරීවරයෙකු සමත්ව තිබෙනවා.

කොන්ක්‍රීට් කණු මත සහ ලී කණුමත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි මෙම උපාංගය යකඩ භාවිතා කරමින් නිර්මාණය කර තිබෙනවා. හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් විසින් එය නිර්මාණය කරන්නට සමත් වුණා.

විදුලිබල මණ්ඩලය මගින් විදුලි රැහන් ඇඳීමට සහ එහි නඩත්තු කටයුතු සඳහා කොන්ක්‍රීට් කණු මත නැඟීමට මෙතෙක් අනුගමනය කරනු ලැබුවේ ඉනිමගක්. ඉනිමගක නැගීමේදී තිබෙන අනාරක්ෂිත භාවය ගැන අධ්‍යනයක නිරත වු විදුලි අධිකාරි නිහාල් සමරකොන් මෙම නව නිර්මාණය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

යම්කෙනෙකු පයින් ගමන් කරන වේගයටම මෙම උපාංගය භාවිතා කරමින් කොන්ක්‍රී කණු මත නැගිය හැකි බවත්, එම කොන්ක්‍රී කණු මත නගින සේවකයාට මේ තුලින් දැඩි ආරක්ෂාවක් ලැබෙන බවත් නිහාල් සමරකොන් පෙන්වා දෙනවා.

මේ සඳහා පේටන් බලපත්රටයක් ලබා ගැනිමටද අවශ්‍ය කටයුතු කර ඇති බවයි නිහාල් සමරකොන් කියා සිටියේ.