Friday, January 10, 2025

General line - 0115112241

පළාත් සභා මැතිවරණය ගැන අලුත්ම බලාපොරොත්තුව (UPDATE)

හේමන්ත කහවලගේ




පළාත් සභා මැතිවරණය මෙම වසර තුළම පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ සහය දෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය විශ්වාසය පළ කරනවා. ඔහු ඒ බව පැවසුවේ කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ  සෙසු නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.  

මේ අතර පළාත් සභා මැතිවරණය පිළිබඳ යෝජිත පාර්ලිමේන්තු විවාදය ලබන මස 05වනදා පැවැත්වීමට තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.  
 

----------------------------------

මහින්ද - කරූ සාකච්ඡා

28-06-2018 12:52

.පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ කථානායක කරූ ජයසූරිය මහතා අතරයි.

මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සහ පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තා පිළිබඳ එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනු ඇති.

මධ්‍යම, වයඹ සහ උතුර යන පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි. උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා 03හි නිල කාලය ද ඉකුත් දා අවසන් වුවත් ඒවායේ මැතිවරණය ද මෙතෙක් පවත්වා නැහැ.