Friday, January 10, 2025

General line - 0115112241

අපිට 16 කණ්ඩායමයි කියන්න එපා - අපි ඒකාබද්ධ විපක්ෂයේ

සජිත් තිලකරත්න/ හරිත පෙරේරා




16යේ කණ්ඩායම විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක්ද කොලඹදී අද (28) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇති බවයි. 


මේ අතර තවදුරටත් තමන් 16යේ කණ්ඩායම ලෙස ආමන්ත‍්‍රණය නොකරන්නැයි එහි සමාජිකයින් මීට නොබෝ වේලාවකට පෙර ඉල්ලීමක් කලා. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග අද පස්වරුවේ පැවැති සාච්ඡාවෙන් අනතුරුවයි. 

මින් ඉදිරියට තමන් ඇතුලූ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය යටතේ කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.