අද දිනය තුල ප‍්‍රදේශ දෙකකදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව තිබෙනවා. වැල්ලම්පිටිය පොලිස්වසමේ පී පී පෙරේරා මාවතේ නිවසකදි තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. මියගිය කාන්තව 38වන වියේ පසුවූ තැනැත්තියක්. අලූයම 01 ට පමණ මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබෙනවා. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.
මනිපායි පොලිස් වසමේ නිවසක් තුලදී අනෙක් මනුෂ්‍ය ඝාතනය සිදුව තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 69 හැවිරිදි කාන්තාවක්. මෙම ඝාතනයේ සැකකරු ද මෙතෙක් හඳුනාගෙන නැහැ.