Friday, January 10, 2025

General line - 0115112241

නිව්යෝක් ටයිම්ස් පුවත මඩක් - හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටින හිටපු අධිපති කියයි

ඩිල්ෂාන් මඩවල/ සජිත් තිලකරත්න




2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් චීනය මුදල් ලබා දී ඇතැයි අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කර ඇති වාර්තාව සත්‍යයෙන් තොර බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි ඔහු කියා සිටියේ මෙම වාර්තාව මඩ ගැසීමේ අරමුණකින් සකස් කර ඇති එකක් බවද පෙනී යන බවයි. 

අදාළ වාර්තාව ඒකපාර්ශවීය ලෙස සකස් කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ණ්ඊඍ්ඛ 03*
අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කර ඇති මෙම මතභේදාත්මක වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන්ද අද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීමකදීයි.