Friday, May 3, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයකදී ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වෙයි : 9 ක් මරුට (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




 නයිජීරියාවේ ඉන්ධන රැගත් බවුසරයක් අනතුරට ලක්වීමෙන් ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තිබෙන බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ නයිජීරියාවේ ලාගොස් ඉබ්දාන් අධිවේගී මාර්ගයේ පාලමක් මතදී.ඉන්ධන රැගත් බවුසරය කාර් රථයක ගැටී ඇති අතර ඒ සමග එය පුපුරා යාමෙන් වාහන 54ක් විනාශවී තිබෙනවා.

එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහලා යා හැකි බවයි. ආපදා සහන සේවකයින් වාහන වල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සවස් කාලයේ සේවාවන් අවසන් කර සිය නිවෙස් බලා මිනිසුන් කරමින් සිටි කාර්යබහුල වෙලාවක මෙම අනතුර සිදුව තිබෙනවා. 

මේ අතර ඊයේ (28) දිනයේදී නයිජීරියාවේ වෙලදපලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙක් මිය ගිය බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.